එක් දහස් නවසිය පනහ දශකයේ අනාගතයේ පී.සී. ජෝර් ජ් බණ්ඩාර හාමු මහතාගේ ඉඩම් හා ධන පරිත්‍යාගයෙන් පොල් අතු

මඩුවකින් ඉදි වූ පාසල, 1960 ඔක්තෝම්බර් මස 11 වන දින රජයේ පාසලට නතු විය. සිසුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම

ලැබූ මෙම පාසලේ මුල් ගුරුවරයා වූයේ පී.ඩී.සෝමාවතී මහත්මිය යි. 1960 දශකයේ අනෙත් විද්‍යාල අභිබවා මාණ්ඩලික තරගවලින්

තුන්වන ස්ථානය ලබා ගත් මෙම පාසල ක්‍රීඩා හා භාෂා තරගවලින් සමස්ථ ලංකා මට්ටම නියෝජනය කිරීමට ද සමත් වී ඇත.


    1965 වර්ෂයේ මුල්වරට අ.පො.ස. (‍සා.පෙළ) විභාගය සදහා සිසුන් හතර දෙනෙකු පෙනී සිට ඇති අතර එවකට මුළු ශිෂ්‍ය

සංඛ්‍යාව 143 ක් ද, ගුරුභවතුන් 5 ක් ද වශයෙන් පැවතුණි.


    1980 දශකයේ පාසල් මාතාව රන් අකුරින් ලියවුණ වකවානුවක් බවට පත් වී ඇත. භෞතික හා මානව සම්පත් අතින් සතුටු වි

හැකි සංවර්ධනයක් ඇති වූයේ එම වකවානුව තුළදීය. එවකට පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 650 ක් දක්වා ඉහළ යාමත්, ගුරුභවතුන් 22

ක් දක්වා වර්ධනය වීමත් කැපී පෙනෙන ලක්ෂණ විය. දියුණුවේ පෙර නිමිති පහළ කරමින් 2011 වර්ෂය විද්‍යාලයේ ඉතිහාසයට එක්

වන අමරණීය වසරකි. එනම් සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යූහ කමිටු තීරණයකට අනුව මෙම විද්‍යාලයේ කලා

විෂය ධාරාවෙන් අ.පො.ස. (උ.පෙළ) පන්තිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 23 දෙනෙකුගේ සහභාගිත්වය ඇතිව 2011.05.19 වන දින ආරම්භ

කෙරිණි. එය සිසුන් 28 දක්වා කෙමෙන් වර්ධනය වී ඇත.


එතැනින් නොනැවතුනු තෝරකොළයාය මහා විද්‍යාලය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් ඇඹිලිපිටිය අධ්‍යාපන

කලාපය තුල දිදුළන පාසලක් බවට පත්ව ඇත.

 

 

ආරම්භ කළ වර්ෂය

1960.10.11

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

5

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

 100

මුල් ගුරුතුමාගේ නම

P.D.සෝමාවතී

පාසලේ ආදි කතෘගේ නම

ජෝර්ජ් බණ්ඩාර හාමු මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

 2

පාසලේ නම

ර/ඇඹි/තෝරකොළයාය මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 H.T.පුෂ්පකුමාර

පාසල රජයට පවරාගත් දිනය

 1960.10.11

පාසල පැවැත්වූ ස්ථානය

 තෝරකොළයාය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ජිමී බණ්ඩාර

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 පී.එච්. කරුණාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1960

 

 

 

 

 

 

 

 

Search