පාසලේ විනය නීතී

  • පාසල ආරම්භ කිරීමට පැය භාගයකටවත් පෙර පාසලට පැමිණිය යුතුය.
  • පාසලට ගැළපෙන ලෙස ක්‍රමවත් නිල ඇඳුම් සකස් විය යුතු අතර එය කිසි ලෙසකින් විකෘති නොකළ යුතුය.
  • ආභරණ පැලදීමෙන් හා අනවශ්‍ය විලාසිතා කිරීමෙන් වැළකිය යුතු අතර ජංගම දුරකථන සහ කැමරා ගෙන ඒමෙන් හා භාවිත කිරිමෙන් වැළකිය යුතුය.
  • පාසලේ සියලුම නීත්‍යානුකූල විධානයන්ට සිසුන් අවනත විය යුතුය.
  • පාසල් කාළය තුළ දී ගුරුවරයකුගේ අනු දැනුමකින් තොරව පාසල් පරිශ්‍රෙයන් බැහැර නොයා යුතුයි.
  • පාසලේ නිල ඇදුමෙන් සැරසී පාසලෙන් පිටත ස්ථාන නිකරුනේ හැසිරීමෙන් වැළකිය යුතුයි.
  • පාසලේ සියලුම ගුරුවරුනගේ අණට කීකරු විය යුතුයි.
  • පාසල් කාළය තුළදී ශිෂ්‍යභාවයට නොගැළපෙන යම් යම් ක්‍රියාවන්හි නිරතවීමෙන් වැළකිය යුතු බව අවධාරණය කෙරේ.
  • පාසලට පැමිණීම, පාසල තුළ හැසිරීම, පාසලේන් බැහැරව යාම විනීතව හා විනයානුකූලව සිදු කළ යුතුය.
  • පාසලට පැමිණීම, පාසල තුළ හැසිරීම, පාසලේන් බැහැරව යාම විනීතව හා විනයානුකූලව සිදු කළ යුතුය.
  • ගුරුවරයෙක්ගේ අනු දැනුමකින් තොරව කිසිසේත්ම පංතිකාමරෙන් බැහැරට නොයා යුතුය.
  • පාසල් පෙළ පොත් ඇතුළු පාසල සතු අනෙකුත් සියලුම භෞතික සම්පත් ක්‍රමවත්ව පරිහරණය කළ යුතු අතර ඒවාට හානි වන අන්දමේ කිසිවක් නොකළ යුතුය.
  • දෙමාපියන් හෝ බාහිර පුද්ගලයින් සමග සබදතා පැවැත්වීම, විදුහල්පතිතුමාගේ හෝ ආචාර්ය මණ්ඩලයේ අවසරයකින් පමණක් සිදු විය යුතුය.
  • පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ අණට කීකරු විය යුතුය.
  • පාසල නියෝජනය කරමින් සහභාගී වන සියලුම කටයුතු වලදී පාසලේ ගරුත්වය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
  • විදුහලේ ක්‍රියාත්මකවන සියලුම නීති රීත් ආරක්ෂා කිරීමටත්, ඒවාට අවනතවීමටත් පාසලේ සියලුම සිසුන් බැඳී සිටිය යුතුය.
  • පාසලේ විනය කමිටුව විසින් ගන්නා ලද තීරණවලට එකඟ වියි යුතුය.
















Search