වැජඹේ වැජඹේ වැජඹේවා                                  
 අප පාසල් මාතා සෑමදා......//

දන මන පොබයන
පිපී දිලෙන අරවින්දය වී
නව හිරු කිරණේ
තෝරකොලයාය විදුහල් මාතා
අප හදවත් පුබුදා සුදිලේ

දෑ කුල ආගම් භේද දුර දුරැර දා
සිරිලක් බිම ජය දද බන්දා
වීර විකුම් පා යහගුණ වපුරමු
හෙළබිම වෙත සිරිදුව කැන්දා

කෙත් වතු සරසා මිණිකැට ඔපලා  
ලක් දෙරනට දෙරණට සිය නම රන්දා
පහන් ටැඹක් සේ දසත බබළවා
ගුණෙන් නැණෙන් ඉදිරියට යමු


වැජඹේ වැජඹේ වැජඹේවා
අප පාසල් මතා සැමදා....//

ඔබ තුරුලේ හිඳ සිප්සත ලැබගෙන
 ඔදතෙද පා දැය සරු කරමු
පහන් ටැඹක් සේ දසත බබළවා
ගුණින් නැණෙන්  ඉදිරියට යමු


 වැජඹේ වැජඹේ වැජඹේවා
අප පාසල් මාතා සැමදා....//

Search